December 28, 2014

බයිසන් ගවයා තර්ජනයේ


ලොව මානව ඉතිහාසයේ මානවයා හා සමීපව ඇසුරු කළ සතුන් අතුරෙන් ගවයා, සුනඛයා, ඔටුවා, අශ්වයා හා අලියා ප්‍රධාන වෙයි. අද වුවද එම සමීපතාව එලෙසම පවතියි. එසේ ගව වර්ග අතුරෙන් බයිසන් ගවයා එක් විශේෂයකි. උතුරු අමෙරිකාවේ ජනපද පිහිටුවීමට පෙර ඉතා විශාල බයිසන් ගව සත්ව ගහණයක් දක්නට ලැබිණ. එහෙත් යුරෝපීයන් උතුරු ඇමෙරිකාවේ ජනපද පිහිටුවීම ආරම්භ කිරීමත් සමග ජනපදිකයින් මේ ගවයින් මස් හා ලෝම හම් ලබා ගැනීම සඳහාද විනෝදය, විවේකය හා ත්‍රාසය සඳහාද ඝාතනය කළෝය.
 යුරෝපීය බයිසන්  ගවයාගේ විද්‍යාත්මක නාමය බයිසන් බොනාසස්ය. ශරීරය විශාලය. දුඹුරු පැහැ ලොම් සහිත ඝන සමකින් ශරීරය ආවරණය වී ඇත.

December 14, 2014

ජාත්‍යන්තර එක්දින පිටියේ ද්විත්ව ශතක

පන්දුවාර පනහේ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකදී පිතිකරුවකු පෞද්ගලිකව ලකුණු 200ක් ලබා ගැනීම අතීතයේ දුර්ලභම සිදුවීමකි. එහෙත් වර්තමානයේ මෙය එතරම් අපහසු දෙයක් නොවන බවට පත් වී හමාරය. ගෙවී ගිය වසර පහක කාලයේදී ජාත්‍යන්තර එක්දින පිටියේ ද්විත්ව ශතක හතරක්ම වාර්තා වූ අතර ඒ සියල්ලම ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් වීම විශේෂත්වයකි. නමින් ඔවුන් හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග් හා වර්තමාන ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාය. මෙම ද්විත්ව ශතක හතරින් දෙකකම හිමිකරුවා රෝහිත් ෂර්මාය.

November 17, 2014

දුම්පානය ශරීරයට අහිතකරයි

දුම්පානය ශරීරයට අහිතකරයි යන්න අප හැම දෙනෙක්ම දන්නා කාරණයක්. ඒත් කොපමණ දුම්පානය කළත් සිරුරට අහිතකර බවක් නොදැනීම නිසා සිගරට් බොන අය මෙය පිළිගන්නෙ නෑ. එනිසා දුම්පානය නතර කිරීම ඔවුනට කළ නොහැකි වී තිබෙනවා. මෙවැනි අයට ඉදිරි වසර දෙකෙන් එහා ගැන කිසිදු සැලැස්මක් නෑ. සැලැස්මක් තියනව නම් ඔවුන් දුම්පානය කරන්නෙ නෑ. එසේම තව අවුරුදු දහයකින් පහළොවකින්
එන දිනයක් පිළිබඳව කිසිදු විශ්වාසයකුත් නෑ. අනාගතයේ දිනෙක සිගරට් නිසා ජීවිතය අහිමිවී යන බව කීවත් එයද ඔවුනට ගැටලුවක් නොවන්නේ ඒ නිසයි. ඒ සියලු දෙය අවඥාවෙන් බැහැර කොට ඔවුන් දිගටම දුම්පානය කරනවා. නමුත් මරණය ආසන්නයට පැමිණි දවසක කෙසේ හෝ ආපසු හැරෙන්නට හැකි සෑම උත්සාහයක්ම දරනවා. දුම්පානය නිසා රෝගී වූ කෙනෙක් රෝහලට ඇතුළු වන්නේ මුලදී මේ ගැන මොනවා හිතා හිටියත් අන්තිම මොහොතේ මියයාමට තිබෙන බය නිසායි.
දුම්පානය කරන අයකු වෙතින් ‘ඔබ සිගරට් බිව්වාදැ’යි වෛද්‍යවරයකු විමසා සිටියොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ ‘කලින් බිව්වා තමයි. ඒත් දැන් නවත්තලා’ යනුවෙනුයි. තමන් දුම්පානය කළ ප්‍රමාණයත්, කාලවකවානුවක්වත් මේ බොහෝ දෙනකුට අමතකයි. ඔවුන්ට මෙය අමතක වුණත් ශරීරයට නම් මේවා අමතක වන්නේ නෑ. එනිසා ශරීරය එය මතක  තබාගෙන අවස්ථාව පැමිණි විගස ඔබට කරදර ඇති කිරීම ඒකාන්තයි.

November 13, 2014

ලග්නයේ සංකේතය මගින් පලාපල

ජ්‍යොතිෂ්‍යයේදී බොහෝ කාරණා ඉදිරිපත් කරන්නේ සංකේත ආශ්‍රයෙනි. පුද්ගලයකු පිළිබඳව හා ඔහුගේ වාසනාව අවාසනාව පිළිබඳව කරුණු දැක්වෙන, ලග්න ග්‍රහ තරු හා තාරකා පන්ති (නැකත්) සඳහා විවිධ සංකේත යොදාගෙන තිබේ.මේෂයෙන් ආරම්භ වී මීනයෙන් අවසන්වන රාශි හෙවත් ලග්න දොළහ සම්බන්ධව යොදාගෙන ඇති සංකේත පුද්ගලයකු පිළිබඳව පලාඵල පැවැසීමේදී විශේෂත්වයක් ගනී.
මේෂ ලග්නයට යොදා ඇති සංකේතය එළුවාය. එළුවකු තුළ පවතින ගති ලක්ෂණ හා චර්යා රටාවන් මේෂ ලග්නය හිමි අයෙකු තුළ ද පවතින බව දැක්වේ. එළුවා ක්‍රියාශීලී සතෙකි. මොහොතක් හෝ නිසලව සිටීමට අකමැතිය. කෙරෙන ඵලදායක වැඩක් නැතත් දැඟලීම අවශ්‍ය වේ. බොහෝ විට දුර දිග නොබලා ආවේගශීලීව කටයුතු කරන ගතියක්ද පවතී. මේෂයට අධිපති කුජ ග්‍රහයාගේ ගතියද මේ හැසිරීම් රටාවට හේතු වෙයි.
වෘෂභ ලග්නයට යොදා ඇති සංකේතය ගවයායි. ගවයා ආහාරයට මෙන්ම නිදා ගැනීමට ද වැඩි කැමැත්කක් දක්වයි. වෘෂභ ලග්න හිමියා ද මේ කාරණාවන්ට වැඩිඇල්මක් දක්වන බව සඳහන් වන්නේ එහෙයිනි. කම්මැලි අවස්ථාවල දැඩි කම්මැලියකු වන්නාක් මෙන්ම සිතට ගෙන වැඩ කරන විට

November 9, 2014

ලෝක විනාශය

ලෝක විනාශය සිදුවන දිනයන් බොහෝ ගණනක් පසුවී ගොස් ඇති නමුත් තවත් වසර 847කින් මත්තෙහි එලඹිය හැකි එවැනි දිනයක් පිළිබඳව විද්‍යාඥයන් මින් වසර 50කට පෙරම දැනසිටි බව පැවසේ.
1950DA ලෙස හැඳින්වෙන ඇස්ටරොයිඩයක් 2880 මාර්තු 16දින

October 2, 2014

ක්‍රිකට් යනු

ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2ක් පිටියේ සෙල්ලම් කරන ක්‍රිඩාවකි.

June 30, 2014

ෆේස් බුක් මිනී මරනවා ද?




තම තොරතුරු සහ ඡායාරූප ෆේස් බුක් මගින් මිතුරු මිතුරියන් ද දැන ගැනීමට සහ දැක ගැනීමට සැලැස්වීම ආරම්භයේ දී හුදෙකලාව නැති කර ගැනීමට සහ සමාජ සම්බන්ධතා පැවැත්වීමට රුකුලක් වුව ද ක්‍රමයෙන් එය විලාසිතාවක් විය. තමා කියවන පොත, අඳින ඇඳුම පමණක් නොව කන ආහාර පවා ඡායාරූප ගත කර ෆේස් බුක් පිටුවට යොමු කරන අයද සිටින බව පුදුමයට කරුණක් නොවන්නේ ය.ශ්‍රී ලංකාවේ ෆේස් බුක් භාවිතය එසේ වන විට නොවැළැක්විය හැකි ලෙස අපරාධ ද ඒ සමගින්ම වාර්තා වීම ඇරඹෙන්නේ ය. මීට පෙර කොළඹින් බැහැර ප්‍රදේශයක එක් දරු මවක් සිය දිවි හානි කර ගන්නේ ෆේස් බුක් හේතුවෙන් ගොඩ නැඟුණු අනියම් සම්බන්ධයක් සැමියාට හසු වී ඒ සමග ඇති වූ ගැටුම් හේතුවෙනි. මීළඟ බිල්ල වූයේ කුරුණෑගල වෙනුෂා ය.

May 28, 2014

ස්මාට් හෙඩ්ෆෝන්



ස්මාට්ෆෝන්, ස්මාට් වොච් ආදී වශයෙන් සෑම දෙයම ස්මාට් වන ලෝකයක ඔබගේ හෙඩ්ෆෝන් යුවළ පමණක් ස්මාට් නොවී තිබීම තේරුමක් නොමැත. ’World’s first wireless smart in-ear headphones’ලෙසින් නිෂ්පාදකයන් විසින් හඳුන්වාදෙන මෙම හෙඩ්ෆෝන් උපාංගය සැබවින්ම එම නිර්වචනයට ගැළපෙයි මෙය ඔබට Bluetooth සම්බන්ධතාව හරහා රැහැන් රහිතව නොනවත්වා සංගීතය රස විඳීමට ඉඩ සලසාදෙන සාමාන් හෙඩ්ෆෝන් යුවළක් ලෙස භාවිත කළ හැක. කෙසේ වුවත් වෙනත් හෙඩ්ෆෝන්වලින් මෙය වෙනස්වන්නේ ඔබට

ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය



ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉන්දියාවේ ‘Gionee’ සමාගම මගින් නිපදවා ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.55 කි
‘Gionee ELIFE S5.5’ ලෙසින් නම්කර ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බර ග්රෑම් 130 කි.
 මෙම ජංගම දුරකථනයේ මිල

April 9, 2014

මට ලව් එෆෙයාර් එකක් තිබුනානම්



මම හිතනවා මම අනෙක් තරුණයන්ට වඩා වෙනස් කෙනෙක් කියලා. මම love කරන්නයි පාඩම් කරන්නයි.දෙකම එකපාර කරන්න කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි. එකක් බුද්ධියට බරයි අනෙක හැගීම් වලට බරයි. මට බුද්ධියයි හැගීම් දෙක පාලනය කරන්න අමාරුයි. මම බුද්ධි පක්ෂයට සීමාන්තිකව නැඹුරු වුනා අමතර පොත් කියෙව්වා

January 16, 2014

අපි ආදරයට ආදරය කරමු

ආදරයකියල කියන්නෙ මහ පුදුමකාර දෙයක්. කවදාවත් මේ වචනයට තේරුමක් දෙන්න පුලුවන් වෙලා ඇති කියල හිතන්න බැහැ. අකුරු හතරිකින් හැදුන මේ ආදරණීය වචනය කොහොම කියල අර්ථකතනය කරන්නද ? . ගොඩක් අය කියයි ආදරය හරියට මහමුහුද වගේ . .  නැත්නම් ආදරය හරියට මහපොලව වගේ. .  නැත්නම් නිල් අහස වගේ . .අහසෙ පයන තරු කැට වගේ  . .ආදරේ කරද්දි අපි මේ වගේ මොන තරම් දේවල් කියනවද ? . එච්චර විශාල නම් ආදරය මේ ලෝකෙ මොනතරම් ලස්සන වේයිද