October 2, 2014

ක්‍රිකට් යනු

ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2ක් පිටියේ සෙල්ලම් කරන ක්‍රිඩාවකි.
පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම, පිතිකරණ අවස්ථාව හිමිවනවා, ලකුණු රැස්කර ගැනීමට සහ අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර අවස්ථාව හිමිවනවා . තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරනය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලැබේ. එවිට පන්දුව සීමාව පසුකර හො ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඞායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඞායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කණ්ඩායම් දිත්වයෙ චරිත(පිතිකරනය,පන්දු රැකීම) මාරුවේ.
වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී.) හා මැරිලෙබොන් ක්‍රිකට් සමාජය(එම්.සී.සී.) ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා අමතර සම්මත ක්‍රිඩා තත්වයන් සමගය.
ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයෙ දකුණු දිග එන්ගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එන්ගලන්තයේ ජාතික්‍රිඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. අයි.සී.සී.ය තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 10 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රෙලියාව, එන්ගලන්තය, ඉන්දීය උප මහද්වීපය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව ඉන්දියාව ,ශ්‍රි ලංකාව  යන රටවල් වලය.


 තොරතුරු>>>>>>  මෙයින්

No comments:

Post a Comment