November 5, 2013

ප්‍රේමයට නොව බුද්ධියට ඉඩදෙන්න Premayata Nowa Buddiyata Ida Denna



ආදරය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගසක තරම් පරතරයක් සේම ආදරය සහ වේදනාව අතර ඇත්තේද එවන්ම වූ පරතරයකි. එසේ වුවද ආදරයට ආදරය කරන්නාවූ ලෝභ සිත් වේදනාව ගැන සිතීමට පවා අකමතිය. නමුත් ප්‍රියයන් හා එක්වීම සේම ප්‍රියයන්ගෙන් වෙන්වීමද ජීවිතයේදී  එකසේ අපඅත්විදිය යුතුය.ප්‍රථම ප්‍රේමය ගිලිහුණු පෙම්වතුන් සිතන්නේ තම ජීවිතයේ එකම අරමුණ ගිලිහුනා යයි කියාය.
ඔබ ප්‍රේමයේ දොරගුළු හැර නැවුම් ලොවකර පිවිසෙනුයේ ජීවිතය විදින්නට සේම එහි ශුංගාරත්වය අත්විදින්නට විය හැකිය.අතීතයට වඩා පැරණි ආදරයක් ගැන ඔබ සිතන්නට ඇත නමුදු ඔබ පෙම්වතෙකු ලෙස දින 6ක් මාස 6ක් අවුරුදු 6ක් ගතකලද ඔහු හෝ ඇය හැරයාම ස්වභාවික යි
සිතන්න එලෙස ඔබ ඉවතලා යන ඔහු හෝ ඇය වෙනුවෙන් දිවි නසාගැනීමට වෙර දැරීම සාර්ථකද ඒ තුලින් ඔබේ ආදරයට ඔබ සාධාරනයක් ඉටු කරන්නට උත්සහ ගන්නේද එය ආදරය වෙනුවෙන් කරන්නාවූ කැප කිරීමක්ද එයට ඔබ නිර්මල ප්‍රේමය ලෙස අර්ථකථනය දෙනවාද එය දුර්වල සිතක දුර්ලභ මනුෂ්‍ය ආත්මය පාවාදීමක් නොවේද
තවද ඔබේ බිදුණු පෙම නිසා සමාජයෙන් කොන්වී මුලුගැන්වී නොවටිනා ජීවිතයක් බවට පත්වන දුර්වලත්වයට ඔබ නොවැටිය යුතුය.මන්ද යත් ඔබ ගැවසෙන අවකාශය තුල යම් කරුණක් නිසා සුවිශේෂී චරිතයක් බවට පත්වූ ඇය හෝ ඔහු ඔබේ දිවියට පිවිසි fභෟතික සාධකයක් මත ඔබ හැර යාමෙන් ඔබට ඔහු හෝ ඇය සැබැවින්ම ආදරය කර අත්දැයි මදක් සිතන්න වෙනස්වන ලොව තුල නොවෙනස්වන එකම දෙය වෙනස්වීම නම් ඔහු හෝ ඇයගේ වෙනස්වීම අස්වභාවිකද  නැත මේ සොබාදහමට අවනත නොවන කිසිවක් මිහිකත නොමැත. ඔබ සැරිසරන සමාජ ප්‍රබවයන් වලදී බොහෝ පිරිස් ඔබට මුණ ගැසෙනු ඇත. එවන් වටපිටාවකදී ඔබට නැවත ආදරයට ඇරයුම් ලැබිමටද පුළුවන. ඔබ අත්විදි අතීතය ගැන පසු තැවිය යුතු නොවේ.කුඩා දරුවකු වුවද ඇවිදීමට පටන්ගන්නේ පියවරෙන් පියවර වැටි වැටිය.ඔබටද වැටි වැටි අත්දැකීම් තුලින් ජීවිතය ගොඩනග ගත හැකිය. එවන් අත්දැකීම් තුලින් ජිවිතයේ ඉදිරි දැක්ම ගොඩනැගීමට හැකියාව ගොඩ නැගෙයි.ප්‍රේමයේදී ඔබේ හදවතට වඩා බුද්ධියට මුල්තැන ලබාදිය යුතුය. එවිට ඔබ කළුවරේ තවත් කෙනෙකුගේ ජීවිතය යදින්නේ නැත.
ඇය හෝ ඔහු ජිවිතයේ සුර සැප සොයා පියාසර කරද්දී ඔබ මාවත කොනක තනිවී ඉකිබිදින්නේ ඇයි? ඔබේ ජීවිතය නැමති රියෙහි සුක්කානම හදවතට භාර නොදී.බුද්ධියට හිමිකර දෙන්න.
ජීවිතය නැමති චක්‍රයෙහි ආලය යනු සුළු අංශු මාත්‍රයක් පමණි.එසේනම් ආදරය යනු ජිවිතයම නොවනු ඇත.තමා ආදරය වෙනුවෙන් ලතවෙනවාද නැතහොත් ආලෝකය කරා පියමන් කරනවාද යන්න වරක් නොව සිය වරක් , බිදවැටුණු ආලයෙන් තැවෙන සිතින් ආවර්ජනය කල යුතු අනුපමේය සංකල්පයකි.ඔබ ඔහු හෝ ඇය වෙනුවෙන් වලපෙනවට වඩාත් යෝග්‍ය වන්නේ  ඔහු හෝ  ඇයට වඩා මිනිසත් කමේ රන් ආභරණයෙන් ඔබ සමාජය තුල ඉස්මතු වන විටයි. ඔබ මනුෂ්‍යත්වයට වටිනාකමක් ලබාදෙන්න. ඔබට පෙම් කරන කෙනකු වෙනුවෙන් මිස ඔබ පෙම් කරන කෙනෙකු වෙනුවෙන් හඬා නොවැටිය යුතුය. අප ජීවිතය තුල ආ මග කෙටිය යායුතු මග බොහෝය.එලෙස අපේ ජිවිතයට ආදරයේ සටහනක් නොව  තවත් බොහෝ දේ අවශ්‍ය වේ. එවැනි අංගයන්ට තැන දි  නුවනැසින් ජීවිතය තරණය කල යුතුය. එවිට නිරායාසයෙන් ඔබේ අරමුණු වෙත ඔබට පියමන් කල හැකිවනු ඇත.තවද ඔබ අතහැර ගිය ඔහුට හෝ ඇයට වඩා මිනිසත් කමේ සහ සාර්ථකත්වයේ හිනිපෙත්තට ඔබට ලගාවිය හැකි වනු ඇත.

උපුටාගැනීම  -: පියුමි කරුණාතිලක ( 2013/10/12 තරුණයා පුවත්පත)

ජිවිතයට සබැ ආදරයක් සැමවිටම ලංවන්නේද නැත. සබැ ආදරයක් ලංවූ විට එය රැක ගැනීමටද ඔබට මහත් ආයාසයක් දැරීමට විය හැකිය. හැල හැප්පීම් ගැටීම බාධක නොමැති සැබෑ ආදරයක එක්වීමක් වීමද අහඹු සිදුවීමක් විය හැකිය.. ගංගාවක් නිසොල්මනේ ගල බසිනවට වඩා ගල් පර අතරින් දිය ඇලී බාධක බිදගෙන ගල බසිනවිට ගංගාවක සැබෑ සුන්දරත්වය දැකගත හැකිය


:- ඩේසික සම්පත් 

No comments:

Post a Comment