December 28, 2014

බයිසන් ගවයා තර්ජනයේ


ලොව මානව ඉතිහාසයේ මානවයා හා සමීපව ඇසුරු කළ සතුන් අතුරෙන් ගවයා, සුනඛයා, ඔටුවා, අශ්වයා හා අලියා ප්‍රධාන වෙයි. අද වුවද එම සමීපතාව එලෙසම පවතියි. එසේ ගව වර්ග අතුරෙන් බයිසන් ගවයා එක් විශේෂයකි. උතුරු අමෙරිකාවේ ජනපද පිහිටුවීමට පෙර ඉතා විශාල බයිසන් ගව සත්ව ගහණයක් දක්නට ලැබිණ. එහෙත් යුරෝපීයන් උතුරු ඇමෙරිකාවේ ජනපද පිහිටුවීම ආරම්භ කිරීමත් සමග ජනපදිකයින් මේ ගවයින් මස් හා ලෝම හම් ලබා ගැනීම සඳහාද විනෝදය, විවේකය හා ත්‍රාසය සඳහාද ඝාතනය කළෝය.
 යුරෝපීය බයිසන්  ගවයාගේ විද්‍යාත්මක නාමය බයිසන් බොනාසස්ය. ශරීරය විශාලය. දුඹුරු පැහැ ලොම් සහිත ඝන සමකින් ශරීරය ආවරණය වී ඇත.

එබැවින් ශීත තුවේ වුවද, හිම තට්ටු මත ගමන් කරමින් සුපුරුදු දින චරියාවල යෙදේ.යුරෝපීය බයිසන් ගවයාගේ ශරීරයේ සාමාන්‍ය බර කි.ග්‍රෑ. 320 -920ත් අතර වෙයි. ශරීරයේ දිග සෙ.මී. 217 - 300 වන අතර වලිගය සෙ.මී. 30-40 පමණ දිගය. මොවුන් ඉතා ජවසම්පන්නය. එකිනෙකාට හිසෙන් පහර දෙන වේගය පැයට කිලෝ මීටර් 60 පමණ වෙයි. එම වේගයෙන් කිලෝ 900ක බරක් වුවද ඉවතට විසිකළ හැකිය. මොවුන්ගේ සම්භෝග සමය එළඹෙන්නේ අවුරුද්දේ අගෝස්තු, ඔක්තෝබර් කාලයේය.
වර්ෂ 1919 තෙක් යුරෝපා මහද්වීපයේ විසිර ජීවත්ව සිටි බයිසන් ගවයන් දෙවන හා පළමුවන ලෝක සංග්‍රාම කාලයේදී ස්ටෙප්ස් තණ බිම් හා විවෘත වනබිම්වල ජීවත් වූහ. මේ ගවයින් එහිදී මසට හා හම්වලට ඝාතනය විය. 2004 වන විට ඔවුන්ගේ ගහණය සතුන් 3000 දක්වා අඩුවී ඇති බව සඳහන්වේ. ඉන් අඩක් රක්ෂිත ගාල්වල ජීවත් වූ අතර ඉතිරිය විවෘත වනපෙත්වල ජීවත් වන බව ගණන් බලා තිබිණි.
අද වන විට යුරෝපීය බයිසන් ගවයා වඳවීමේ තර්ජනයේ ඉස්මත්තටම ළඟා වී ඇත. යුරෝපයේ ජනගහනය ඉහළ යාම ස්වභාවික තෘණතලා කෘෂි භෝග සඳහා යොදා ගැනීම කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය ජලයට හා තෘණතලාවලට එක්වීම, සිවිල් යුද්ධ ආදී කරුණු හේතුකොටගෙන ඔවුන්ගේ භූමි ඔවුන්ට අහිමි වී යමින් පවතියි.

උපුටාගැනීම >>>  කේ. ඩබ්. චන්ද්‍රරත්න

No comments:

Post a Comment