May 22, 2016

සල්ලි මවන ක්‍රිකට් ක්‍රීඩකයෝ

ක්‍රිකට් ක්‍රීඩාව උපන්නේ එංගලන්තයේය. එම ක්‍රීඩාව ලංකාව, ඉන්දියාව වැනි රටවලට ලැබුණේ අප එංගලන්තයේ යටත් විජිත ලෙස පැවති නිසාය. නමුත් අද වනවිට ක්‍රිකට්වලින් වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයින් ඉන්නේ එංගලන්තයේ නොවේ, ඉන්දියාවේය. ඉන්දියානු ක්‍රීඩකයින් උපයන මුදල්වලට සාපේක්ෂව අනෙක් රටවල ක්‍රීඩකයින් හම්බකරන්නේ ඉතා අඩු ආදායම් යැයි කියන්නට පිළිවන.
අයි.පී.එල් තරගාවලියද ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල වශයෙන් මුදල් ඉපයීමට ලැබි ඇති මහඟු උල්පතකි. එම ක්‍රිකට් තරගාවලිය ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ඉතාම ජනප්‍රිය තරගාවලියක් බව අමුතුවෙන් කියන්න දෙයක් ‍නෙවෙයි. මේ ජනප්‍රියත්වය නිසාම අද එය කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් එහා මෙහා වෙන අවස්ථාවක් බවත් කාටවත් රහසක් නොවෙයි. ඒ වගේම සුප්‍රකට නළු නිළියන්, ව්‍යාපාරිකයන් ආදීන් සම්බන්ධ වුණු මහා ව්‍යාපාරයක් බවත්, මෙම තරගාවලියට එක්වන ක්‍රීඩකයින් කෝටි ගණනින් මුදල් උපයන බවත් කවුරුත් දන්නා කරුණුය.
මෙවර අයි.පී.එල්. තරගාවලියෙදි වැඩිම මුදලකට වෙන්දේසි වුණු ක්‍රීඩකයා බවට පත්ව සිටින ඉන්දියානු පි‍ලේ විරාත් කෝලිට ඔහු අයත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ගෙවන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2.26ක් බවයි වාර්තා වෙන්නෙ. එය ලංකා මුදලින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක්.
කෝලි අයි.පී.එල්. තරගාවලිය තුළ පමණක් නොව සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළද වැඩිම මුදලක් උපයන ක්‍රීඩකයන් අතර ඉස්සරහින්ම ඉන්න කෙනෙක්.ඔහු ඒ අතින් දෙවැනි වන්නේ ඔහුගේම රටේ මහේන්ද්‍ර සිං දෝණිට විතරයි. දෝණි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහ වෙළෙඳ දැන්වීම්වලින් මේ වනවිට වසරකට උපයන මුදල (2016 සංඛ්‍යා ‍ලේඛන අනුව) දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 28.7ක් (රුපියල් කෝටි 420ක් පමණ) ලෙස වාර්තා වෙනවා. විරාත් කෝලිගේ වාර්ෂික ආදායම ලෙස සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24.9ක්. ලංකා මුදලින් රුපියල් කෝටි 360ක් පමණ.2008 වසරේ ආරම්භ වුණු අයි.පී.එල්. තරගාවලියේ ඉතිහාසය තුළ වැඩිම මුදලක් ගෙවා ඇත්තේ යුවරාජ් සිං ටයි. 2015 වසරේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඔහුට ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 2.67ක් (රුපියල් කෝටි 40ක්). ගෞතම් ගාම්භීර්ට 2004 දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඩොලර් මිලියන 2.4 ක් (රුපියල් කෝටි 38 ක් පමණ) ගෙවා ඇති අතර එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ ඔහුයි.
මේ වසරේ අයි.පී.එල්. තරගාවලිය තුළ උපයන මුදල අතින් විරාත්ට පසු දෙවැනි තැන පසුවන්නේ දෝණි යි. ඔහුට ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 1.89ක් (රුපියල් කෝටි 24ක් පමණ) හැටියටයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් අයි.පී.එල්. හි ගෙවීම් අතින් විරාත් කෝලි දෝණිව පරදවන්නට සමත් වුවද සමස්තයක් ලෙස ගත්විට දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් ලොව වඩාත්ම ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සඳහන් වන්නේ දෝණියි. 2015 වසරේ වාර්තා අනුව ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක් (රුපියල් කෝටි 945ක් පමණ) ලෙස සැලකෙනවා. දෙවැනි තැන සිටින විරාත්ගේ ශුද්ධ වත්කම ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 46ක් (රුපියල් කෝටි 670ක් පමණ).
ඉන්දියාවෙන් පිටත වඩාත්ම ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සටහන් වන්නේ ඕස්ට්‍රේලියානු පි‍ලේ ෂේන් වොට්සන්. ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් ලු. එය ලංකා මුදලින් රුපියල් කෝටි 580කට ආසන්නයි.ලංකාවේ ඉතා ජනප්‍රිය ක්‍රිකට් කණ්ඩායමක් වන බටහිර ඉන්දීය පි‍ලේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ද ධනවත්ම ක්‍රීඩකයින් 10 දෙනා අතර සිටින කෙනෙක්. ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් ලෙස වාර්තා වෙනවා. ලංකා රුපියල්වලින් එය කෝටි 435කට කිට්ටු අගයක්.




totalsportek වෙබ් අඩවියට අනුව පහත දක්වා ඇත්තේ 2016 වසරේ ලෝකයේ වැඩිම අදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන්....


Top 10 Active Highest Paid Cricketers In 2016
NO#PLAYERSALARIESENDORSEMENTSYEARLY INCOME
1MS Dhoni $5.7m (IPL & BCCI Central Contract)$23m$28.7m
2Virat Kohli $6.9m (IPL & BCCI Central Contract)$18m$24.9m
3Chris Gayle $4.5m (Various T20 leagues)$3m$7.5m
4Virender Sehwag $1.8m (IPL Contract)$4m$5.8m
5Shane Watson $3.5m (Australia central contract & other T20 leagues)$2m$5.5m
6Shahid Afridi $2.3m (PCB Central contract & other T20 leagues)$4m$6.3m
7Gautam Ghambir $1.5m (IPL Conctract)$1m$5m
8Yuvraj Singh $1.8m (IPL Contract)$2m$3.8m
9AB De Villiers$3.5m (IPL & South African central contract)$2m$5.5m
10Michael Clark $850,000$2m$2.9m


No comments:

Post a Comment