October 16, 2015

ඇල්කටෙල් වින්ඩෝස් 10 ස්මාට්ෆෝන්

Alcatel One Touch යනු අඩු මිල ස්මාට්ෆෝනයන් සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන ස්මාට්ෆෝන සන්නාමයකි. එම සමාගමේ ඉහළ නිලධාරියෙකු පසුගිය දිනකදී ප්‍රකාශ කොට සිටියේ, ඔවුන් මේ වසර අග වන විට windows 10 මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන නව ස්මාට්ෆෝනයක් වෙළෙඳ පොළට හඳුන්වා දීමට සූදානමින් සිටිනා බවයි.

ඒ සම්බන්ධයෙන් තවමත් සමාගම මගින් නිල නිවේදනයක් නිකුත් කොට නැතද, සිය ට්විටර් ගිණුම (@evleaks) හරහා මෙවැනි නොනිල, එහෙත් බොහෝ විට නිරවද්‍ය තොරතුරු අන්තර්ජාලය තුළින් ප්‍රකාශයට පත් කරනා Evan Blass පවසන පරිදි එය 2010 SOC Snapdragon ප්‍රොසෙසරයකින් සමන්විත, 720p අඟල් 5.5 ක ස්පර්ෂ තිරයක් සහිත, 2GB ‍රැම් මතකයකින් සහ ඉහල නැංවිය හැකි ආරම්භක 16GB ක මතක ධාරිතාවකයකින් යුතු උපාංගයක් වනු ඇති බවයි.

මෙයට අධිබල 2500 mAh බලැති බැටරියක්ද සවි කිරිමට නියමිතය. Fierce XL යන නමින් වෙළෙඳ පොළට හඳුන්වාදෙනු ඇතැයි පැවසෙන මෙම උපාංගය මෙගා පික්සල් 8 ක කැමරාවක් සහ මෙගා පික්සල් 2 ක ඉදිරිපස ද්විතියික කැමරාවකින් යුක්තය.

උපුටා ගැනීම>>>  ADA

No comments:

Post a Comment