January 16, 2014

අපි ආදරයට ආදරය කරමු

ආදරයකියල කියන්නෙ මහ පුදුමකාර දෙයක්. කවදාවත් මේ වචනයට තේරුමක් දෙන්න පුලුවන් වෙලා ඇති කියල හිතන්න බැහැ. අකුරු හතරිකින් හැදුන මේ ආදරණීය වචනය කොහොම කියල අර්ථකතනය කරන්නද ? . ගොඩක් අය කියයි ආදරය හරියට මහමුහුද වගේ . .  නැත්නම් ආදරය හරියට මහපොලව වගේ. .  නැත්නම් නිල් අහස වගේ . .අහසෙ පයන තරු කැට වගේ  . .ආදරේ කරද්දි අපි මේ වගේ මොන තරම් දේවල් කියනවද ? . එච්චර විශාල නම් ආදරය මේ ලෝකෙ මොනතරම් ලස්සන වේයිද


ඇත්ත නේද? . ආදරය කියන්නෙ මහ පුදුමාකාර වචනයක්. ලෝකෙ ජීවත් වෙන අපි හැමෝටම ආදරය අනිවාරයෙන්ම ඕනෙ. අම්මගෙ කුස අතුලෙ ඉන්න කාලෙ ඉදල මේ හැම දෙයක්ම අත ඇරල දාල සදහටම ඇස් පියාගන්න දා වෙනකන්ම අපිව ජීවත් කරවන්නෙ ආදරය. සතා සිව්පාවට , ගහ කොලට වලට තේරෙන  ආදරය අද සමහර මිනිස්සු වෙන අයට නොතේරෙන හැටි හරිම පුදුමයි. අම්මගෙ ආදරය මුලින්ම අපිව ජීවත්  කරවනව.එදා ඉදල අපි කීදෙනෙක්ගෙන් ආදරය ලබන්න ඇතිද.  කී දෙනෙක්ට ආදරය කරන්න ඇත්ද. ටිකෙන් ටික  ලොකු වෙද්දි  අම්මගෙන් ලැබෙන ආදරයට වඩා වෙනස් ආදරයක් ලබන්න අපි නිතැතින්ම පෙලබෙනව. අපි අපිට ආදරය කරන අපිත් එක්කම ලගින් හැමදාටම ඉන්න කෙනෙක්ගෙ ආදරය හොයන්න පටන් ගන්නව. කාටවත් හිතිල හරි තේරිලා හරි තියෙනවද කවුරු හරි ඒ දේවල් කරන්න ඔයාව පෙලෙබෙව්ව කියල? . නැහැ නේද ? . ඒක තමයි මනුස්ස හිතේ හැටි. ජීවිතේ කොයිම වෙලාවක හරි මේ ආදරය කියන දේ අපේ හිත ඇතුලට රින්ගනව. වයස් භේදයක් නැතුව. තරාතිරමක් නැතුව. මේ ආදරය අපේ හිත්වලට වද දේනව. මුලු ලෝකෙම ලැබුනත් තමන්ගෙ හිතේ තියෙන ආදරය නොලැබුනොත් හිතට දැනෙන දුක වේදනාව කොච්චරක්ද කියල දන්නෙ ඒ අත්දැකීම ලබපු කෙනෙක් විතරයි.ඉස්සර රජවරු පවා ආදරය නිසා වින්ද දුක් අපි අනන්තවත් අහල තියෙනව.
ඇත්තටම ආදරයක් පටන් ගන්න හදද්දීම ආදරය අපේ හිත ඇතුලට රිංගද්දීම ඒ පිටිපස්සෙන් විරහව වේදනා අහිමමිවීමත් හිතට ලන්වෙනවා. ඒ හැගීම් , ආදරෙන් පිරිල තියෙන අපේ හිතට රිංගගන්න  අවස්ථාවක් ලැබෙනකල් කල් මර මර ඔහේ බලාගෙන ඉන්නව.  ආදරෙන් පිරිල තියෙන හිත්වලට ඒ කිසිම දෙයක් පේන්නෙවත් දැනෙන්නෙවත් නැහැ. එක අතකට ආදරය අන්ධයි කියන එකේ ලොකු ඇත්තක් තියෙනව නේද? .අපි ආදරය කරන්න පටන් ගත්තම අපි ඇත්තටම අන්ද වෙනව. අපිට පේන්නෙ ආදරය විතරයි. අපි දන්නෙ අපි ආදරය කරනව කියල විතරයි. ඒත් ඒ පිටිපස්සෙන් අපේ හිත් ලග දොරට තට්‍ටු කර කර විරහව වේදනාව බලන් ඉන්නව කියල ආදරෙන් අන්ධ වෙලා ඉන්න අපිට පේන්නෙ නැහැ. ආදරය තමයි ලෝකය ලස්සන කරන්නෙ. ආදරය තමයි ලෝකෙ තියෙන මනුස්ස හිත් අතර බැදෙන බලගතුම බැදීම. ඒක හන්ද ආදරයෙන් අන්ධ වෙන එකේ ලොකු සාධාරන කමක් තියෙනව. මේ ලෝකෙ ආදරේ හන්ද කදුලු හලපු නැති හිතක් , කදුලු හලපු නැති ඇස් දෙකක් කවදාවත් හොයාගන්න බැරි වේවි. හැම කෙනෙක්ම ආදරේ හින්ද අඩල තියෙනව. එහෙම ඇඩුවෙ නැහැ කියල කියනවනම් ඒක මහ අමූලික බොරුවක්. ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. මිනිහෙක්ව ඇති කරන්නත් නැති කරන්නත් ආදරයට පුලුවන්. මනුස්සයෙක්ව ජීවත් කරවන්නත් මරල දාන්නත්  ආදරයට පුලුවන්. ඒක හන්ද තමයි කියන්නෙ ආදරයක් හිතලගට ඇවිත් දොරට තට්‍ටු කරද්දි තවත් දෙන්නෙක් ඔයාලගෙ හිතට හොරෙන් ඇතුල්වෙන්න බලන් ඉන්නව කියලා. සමහර වෙලාවට දැනෙනව ආදරයට වඩා විරහව කියන දේ ගොඩක් බලගතුයි කියල. ආදරය කරන කාලෙ ලස්සනට තිබුන හිත් ආදරය නැති උනාම මොනතරම් නම් අසරන වෙනවද? . මොනතරම් ඒ හිත් අඩනවද? . තප්පර ගානක් . . විනාඩි  ගානක්. .පැය ගානක් . . දවස් ගානක් . .සති ගානක් . . මාස ගානක්. . අවුරුදු ගානක් . .කොච්චර කාලයක් ආදරය අහිමි වෙච්ච හිත් වේදනා විදිනවද. සමහර විට ආත්ම ගානක් එකටම ආදරෙන් ඉමු කියන හදවත් පැයෙන් දෙකෙන් ඈත් වෙලා යනව. ඒ හරියටම ආදරය කියන දේ අදුන ගන්න බැරි උනාම.
මේ ලෝකෙ හරිම පුදුමා කාරයි.  සතුට කියන දේ පෙන්නල ලගට යද්දි අපිට දුක කියන දේ දෝතින්ම දෙනව. එහෙම වෙද්දි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ සතුට කියන එක ලංකරගන්න ගොඩක් අමාරු වෙනව. ගොඩක් දෙනෙක් ආදරය කලාට කොයිම වෙලාවකවත් හිතල නැතුව ඇති ආදරය කියන දේ මොනතරම් ලස්සන දෙයක්ද . . මොන තරම් වටින දෙයක්ද කියල. සමහර අයට තමන්ගෙ ලගින්ම තියෙන ආදරේ පේන්නෙ නැතුව යනව. දුරින් පේන මිරිගුවක් පස්සෙ ඔහේ පන්නගෙන හතිවැටෙනකන් දුවනව. ලග තියෙන ආදරේ ඔහේ හුල්ල හුල්ල බලාගෙන ඉන්නව. කොයි වෙලාවක හරි ඒ ආදරේ එයාගෙ ලගට  ඒවි කියල. මිරිගුවක් පස්සෙ දුවල දුවල හතිවැ‍ටුනට පස්සෙ තමයි එයාට පෙන්නෙ ” අනේ මගෙ ලගින්ම තිබුන ආදරේ මට පෙනුනෙ නැහැනෙ කියල. ඒ වගේම තමයි තමන්ගෙ ජීවිතයම පූජ කරනව කියල හිතාගෙන පූජ කරපු ආදරේ ‍රැකගන්න බැරි උන කී දෙනෙක් මේ ලෝකෙ අද වෙද්දි දුක් විදිනව ඇත්ද. තමන්ට ආදරය කරපු රත්තරන් හිත අත ඇරල වෙනින් හිත් වලට ලන් උන කී දාහක් ඇත්ද. හිතනවද කවදාවත් එහෙම කරපු කෙනෙක්ට එයාගෙ හිත සමාවක් දෙයි කියලා. කවදාවත් නැහැ.
ඇත්තටම ආදරය කරපු කෙනෙක්ගෙ හිතට දුකක් වේදනාවක් දෙන්න හීනෙකින්වත් හිතන්න එපා. ඒක මහ පවක්. ගොඩක් වෙලාවට එයාගෙ ආදරේ ඔයාට නොදැනෙනව වෙන්න පුලුවන්. ඒ උනාට තව ටිකක් ලන්වෙලා බලන්න. බොරු මවා පෑමක් පෙන්නල ඔයාගෙ ආදරේ හොරකන් කරන්න හදන හොර හිත් වලට වඩා මොන තරම් ඒ හිත් ලස්සනද කියල. මොන තරම් අහිංසකද කියල. ආදරේ කරද්දි අපි ගොඩක් බොලද වෙනව. කවුරු මොනව කිව්වත් ඒකයි ඇත්ත. එහෙම බොලද උනේ නැතිනම් ඒ ආදරේ විදීමක් නැහැ. ඒ බොලද කමට වහල් වෙන්න දෙන්න දෙන්න ආදරය වැඩි වෙනව. හැබැයි කවදාවත් සීමාව ඉක්මවල බොලද වෙන්න හොද නැහැ. එතකොට අපි පරාදයි. තමන්ගෙ ආත්මය උගසට තියල තමන්ගෙ ජීවිතේම කැප කරල ආදරය කරන හිත් වලට දුකක් දෙන්න එපා කියන්නෙ ඒකයි. ගොඩක් වෙලාවට ඒ හිත් බොලද වැඩි වෙනව. එහෙම දුකක් දීල ඒ හිත අත ඇරල වෙන හිතකට යනව කියන්නෙ ඒ ආත්මෙදි කරගන්න ලොකු පවක් තමයි ඔයා කර ගන්නෙ.නිකමට හිතල බලන්න මොන තරම් දුකක් දැනෙයිද කියලා. ගොඩක් අහිංසක හිත් වලට ගොඩක් ලොකු දුකක් දරාගන්න අමාරුයි. ඒකයි මේ වෙද්දි දහස්ගානක් ජීවිත නැතිකරගෙන තියෙන්නෙ ආදරේ වෙනුවෙන් . එහෙම කවදාවත් අවංකවම ආදරය කරන හිතකට කරන්න එපා. ඒක ජාති ජාතිත් ගෙවල ඉවර කරගන්න බැරි තරමෙ පවක්. ආදරයට ආදරය කරන්න පූරුදු වෙන්න. ආදරය කරන හිත් වලට දුකක් දෙන්න එපා. කවදාවත්ම. පුංචි පුංචි හිත් රිදවීම් ආවත් ඒව තාවකලික කරගන්න. තමන්ට හම්බුන ආදරේ කොහොම හරි ‍රැක ගන්න. එතකොට මේ ලෝකෙ තවත් ලස්සන වේවි.
” අපි ආදරයට ආදරය කරමු ! “

උපුටා ගැනීම :- http://loversonly.net  /  අරවින්ද ජයවීර

No comments:

Post a Comment