December 1, 2013

පරිසර හිතකාමී හයිබ්‍රිඩ් / hybrid වාහන





හයිබ්‍රිඩ් යන වචනයේ සිංහල තේරුම දෙමුහුන්කරනයයි..අපි කවුරුත් දන්නා ආකාරයට සාමාන්‍ය වාහනයක තිබෙන්නේ අභ්‍යන්තර දහන එන්ජිමකි එමෙන්ම ඇතුලත පෙට්‍රල් හෝ ඩීසල්  හෝ ඉන්ධනයක් දහනය කර, එන්ජිමේ පිස්ටන් උඩට පහලට තල්ලු කර එයින් ඇතිවන බලය පාවිච්චි කර සාමාන්‍ය වහනයක් ධාවනය කරයි. නමුත් හයිබ්‍රිඩ් වාහනයක අභ්‍යන්තර දහන එන්ජිමට අමතරව වහනය ධාවනය කරන්නට විද්‍යුතයෙන් ක්‍රියාකරන විදුලි මෝටරයක්ද සවිකර තිබේ.
විදුලි මොටරයට බලය සපයන්නේ වාහනයේ සවිකර තිබෙන විශේෂ බැටරියක ආධාරයෙනි.  මෙම වාහන වල විශේෂ ලක්ෂණ රැසකි.

  • වාහනයේ පවතින බල බෙදීමේ තාක්ෂණික උපක්‍රමය සහ ඊට සම්බන්ධ පරිගණක නිසා අවශ්‍ය විටක බැටරියෙන් ධාවනය කිරීමට අවස්ථාව සලසා දෙයි.එවිට ස්වයංක්‍රීයව එන්ජිම නවතින අතර බැටරියෙන් ධාවනය වෙයි.බැටරියේ ආරෝපණය අඩුවන විට නැවත එන්ජිමට බලය ලබාදෙයි. ඒ අතරේ බැටරිය ආරෝපණය කරයි.

  • එන්ජිමට සම්බන්ධිත ජෙනරේටරයෙන් පමණක් නොව විදුලිය නිපදවීම සඳහා වාහනවල තිරිංග යෙදීමේදී විමෝචනය වන ශක්තිය විදුලිය බවට පරිවර්තනය කිරීමේ පද්ධතියක් ද තිරිංග පද්ධතියට සම්බන්ධිතය.එමගින් වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට වක්‍ර සහයක් ලබාදේ.

  • මාර්ගයට බදන සුලුබව අවම කිරීම සඳහා නිර්මිත විශේෂිත ටයර් යොදා තිබේ.

  • වාහනයේ බර අඩු සැහැල්ලු කාබන් තන්තු හෝ අඩු බර ඇලුමිනියම් සහ ටයිටේනියම් ආධාරයෙන් නිපදවා තිබීම.

  • හයිබ්‍රිඩ් වාහනයේ බැටරිය ලිතියම් නම් සැහැල්ලු ලෝහයෙන් නිර්මිතය ඒ නිසා එය සාම්ප්‍රදායික වාහන බැටරි වලට වඩා බරින් අඩුය.

 මුලාශ්‍ර :- අද පත්තරය

No comments:

Post a Comment