August 11, 2015

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානුවෙක්

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉන්දියානු ජාතිකයෙකු වන සුන්දර් පිචයි පත්කොට තිබේ. ගූගල් සමාගම විසින් මෙම තීරණය ගෙන අත්තේ එම සමාගම විසින් "ඇල්පබට්" යනුවෙන් සමාගමක් පිහිටුවීමෙන් අනතුරුවය. ඒ අනුව "ඇල්පබට්" යන සමාගම ප්‍රධාන සමාගම යටතට අන්තර්ජාල කටයුතු, Android මෙහෙයුම් පද්ධතිය වැනි කටයුතු සඳහා ගූගල් සමාගමත්, ජීව විද්‍යාව හා සෞඛ්‍ය සම්බන්ධව පර්යේෂණ සිදුකරන "Life Science සහ Calico" සමාගමත්, ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යන Loon Project ක්‍රියාත්මක කළ X Labs සමාගමත් ඇතුළත් වේ. "ඇල්පබට්" සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හා සභාපතිවරයා වන්නේ ගූගල් සමාගමේ ප්‍රාරම්භකයන් වන ලැරී පේජ් හා සර්ජි බින් වේ. ඇල්පබට් සමාගම යටතේ ඇති සෑම සමාගමකටම දක්ෂ ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමට ඔවුන් විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව ගූගල් සමාගමේ මෙහෙයුම් කටයුතු බාර දී අත්තේ ඉන්දියානු ජාතික සුන්දර් හටය. 
සුන්දර් මෙතක් ආ ගමන් මග පිලිබඳ දැනගැනීමට උපකාරී වන කරුණු 11 ක් පහතින් බලන්න


1. චෙන්නායි හි දුප්පත් පවුලක උපන් සුන්දර් ජීවත් වී තිබුනේ කාමර දෙකක් පමණක් තිබූ නිවසකය. ඔහුගේ පවුල සතුව රූපවාහිනී යන්ත්‍රයක්, කාරයක් තිබී නොමැත.

2. සුන්දර් උපත ලැබුවේ 1972 වසරේ වන අතර ඔහුගේ මේවනවිට වයස අවුරුදු 43 කි. චෙන්නායි හි PSBB Nungambakkam පාසලෙහි මුලික අධ්‍යාපනය ලබා ඇත.

3.සුන්දර්ගේ සම්පූර්ණ නම වන්නේ පිචයි සුන්දරරාජන් ය.

4.අධ්‍යාපනයෙන් කුඩාකළ පටන් දස්කම් දැක්වීමෙන් අනතුරුව IIT-Kharagpur ආයතනයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති අතර එහිදී Stanford University හි ඉගෙනීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී තිබේ.

5.Stanford University යාම සඳහා ගුවන් ටිකට් පතක් මිලදී ගැනීම සඳහා සුන්දර්ගේ පියා මුදල් සොයාගෙන අත්තේ ණය වීමෙනි.

6.සුන්දර් 1995 දී Standford University වෙත එක්වී ඇති අතර මුදල් නොමැතිකම හේතුවෙන් නවාතැන් ගෙන ඇත්තේ වෙනත් සිසුවෙකුගේ නිවසකය.

7.මුදල් ඉතුරුකරගැනීම sසඳහා ඔහු බොහෝ විට භාවිතා කර තිබුනේ වරක් භාවිත කළ උපකරණය.

8.ඔහුට PhD උපාධියක් කිරීමට අවශ්‍යවුවත් මුදල් නොමැති කම නිසා McKinsey ආයතනයේ උපදේශකයකු වශයෙන් රැකියාව ආරම්භ කොට තිබේ.

9.සුන්දර් Google සමාගම වෙත එක්වන්නේ 2004 අප්‍රේල් මස 1 වෙනිදාය. ගූගල් හි product management දෙපාර්තුමේන්තුවේ සේවය ආරම්භ කළ ඔහුට පැවරී තිබූ මූලක කාර්ය වුයේ web Browser වල තිබූ Google Search Tool Bar එක වැඩි දියුණු කිරීමයි. නමුත් ඒ වෙනුවට ගූගල් තමන්ගේම web Browser එකක් නිර්මාණය කළ යුතු බව සුන්දර් විසින් 2004 දී පෙන්වාදී තිබේ. ඔහුගේ මෙම නව අදහස හේතුවෙන් ගූගල් සමාගමේ ප්‍රධානි ලැරී පේජ් ඔහුව හඳුනාගෙන තිබේ.

10.අද වනවිට ගූගල් සමාගමේ හිමිකරු වන ලැරී පේජ් ගේ ජීවිතයේ ප්‍රධානතම පුද්ගලයෙකු වන්නේ සුන්දර් ය. ඔහු සහභාගී වන සෑම රැස්වීමක් සඳහාම සුන්දර් ද සහභාගී වේ.

11. 2011 වසරේදී Twitter සමාගම සුන්දර් ව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස බඳවාගැනීමට ආරාධනා කළත් ගූගල් සමාගම විසින් ඔහුට ඉන්දියානු රුපියල් කෝටි 305 ක මුදලක් ලබාදී රඳවාගෙන තිබේ.



උපුටා ගැනීම>>> Neth FM

No comments:

Post a Comment