November 17, 2013

ලෝක විනාශය 2032 දි

ලෝක විනාශය 2032 දි

අප ජිවත්වන ලෝකයේ විනාශය පිළිබද විවිධ කතා විවිධ  අනාවැකි නොයෙකුත් අය විසින් ඉදිරිපත්කර තිබේ  ආසන්නතම අවස්ථාව 2012 දි  පෙන්වාදිය හැකිය. එසේම 2032 වසරේදී  ලෝක විනාශය සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට යුක්රේන තාරකා විද්‍යාඥ පිරිසක් විසින් මතයක් ඉදිරිපත්කර තිබේ. මෙම පුවත අනාවරණය කරමින් ඔවුන් පවසන්නේ අඩි 1300 ක් පළල ග්‍රහකයක් පොළව දෙසට ගමන්කරමින් පවතින බවත් එය තවත් අවුරුදු 19 ක දි පෘථිවිය සමග ගැටීමට ඉඩ ඇති බවයි. ( 2032.08.26 ).
මෙම ග්‍රහකය යම් හෙයකින්  පෘථිවිය මත ගැටුනහොත් ඉන් ඇතිවන හානිය න්‍යෂ්ටික බෝම්බ 2500ක් එකවර පුපුරායාමට සමාන බවට ඔවුන් පවසයි. මෙය යුක්රේනයේ ක්‍රයිමින් තාරකා fභෟතික විද්‍යා නිරීක්ෂණාගාරය විසින් හදුනාගෙන ඇති අතර එම ග්‍රහකය 2013 TV135 ලෙස නම්කර තිබේ.  මෙම ග්‍රහකය ඉතිහාසයේ හමුවූ  භයානකම ග්‍රාහක දෙකෙන් එකකි.  2013 TV135 යම් හෙයකින් පෘථිවිය හා   ගැටුනහොත් පිපිරිම හේතුවෙන්  ලෝකයේ වර්ග සැතපුම් 100000 ක ජිවත්වන මිනිසුන්  සතාසිපාවන් සහ ගහකොළ විනාශ වී යන අතර තවත් වසර සියගණනක්  යනතුරු කාලගුණය වෙනස්වනු ඇත. 
නාසා ආයතනය  මෙම ග්‍රහකය උපද්‍රව ගෙනදියහැකි ආකාශ වස්තුවක් ලෙස නම්කර ඇත.. කෙසේ වෙතත් මෙම ග්‍රහකය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවය පහල අගයකි. ඇස්තමේන්තුවලට අනුව එය 63000 කට 1 කි. එනම් මෙය සිදුනොවීමේ හැකියාව 99.9984 % කි.  මෙහි භයානකත්වය ග්‍රහවස්තුන් පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවය ගණනය කරන ටොරිනෝ මාපකයේ   දහයට එකක් බව  විද්‍යාඥයන් පවසන අතර මිට පෙර මෙවැනි අගයක් ලැබී ඇත්තේ එක් ග්‍රහකයකට පමණකි.අනෙක් සැම අවස්ථාවකම අගය 0 කි. 2013 TV135 යම්හෙයකින් පෘථිවිය හා ගැටුනහොත් එහි ප්‍රතිඵලයක් ලෙසින් ටි.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් දසලක්ෂ 2500 ක බලයක් සහිත පිපිරීමක් හටගන්නා බවද මොවුන් පවසයි.ඇමරිකා එක්සත් ජනපදය නිපදවා ඇති minute man II මිසයිලයේ අන්තර්ගත වන න්‍යෂ්ටික ශීර්ෂයේ පිපුරුම් බලය ටි.එන්.ටි. ටොන් දසලක්ෂයකට ටිකක් වැඩිය.ඒ අනුව ග්‍රහකය ජනාකීර්ණ ප්‍රදේශයකට ගැටුනහොත් සිදුවන හානිය සිතාගැනීමට වත් නොහැකිය.කෙසේ වෙතත් මෙය මිට වසර මිලියන 65 කට පමණ පෙර ලොව ජීවත්වූ ඩයිනෝසෝරයින් මිහිමතින් අතුගා දැමු ග්‍රහකයට වඩා කුඩා බවටද පැවසේ..

මෙයින් වන හානිය සිදුවුවත් නැතත් කෙදිනක හෝ මියයන්නට  මිහිමත ජිවත් වන අප  අප පිලිබදව සිතාබැලිය යුතු තැන් බොහෝය.

මුලාශ්‍ර:- තරුණයා (2013.10.26.)  / ඩේලිමේල්  

No comments:

Post a Comment