March 9, 2015

ගිනස් ‍පොතට ගිය බළල් රාළ


ෆ්‍රැන්කන්ලුවි දින කිහිපයකට වඩා ජීවත් නොවනු ඇති බව ඔහු උපන් විගස දුටු පශු වෛද්‍යවරුන්ගේ විශ්වාසය විය. ඒ හිස් දෙකක් ඇතිව උපදින බළලුන් දින කිහිපයකට වඩා ජීවත් වූ අවස්ථා ඉතා විරල වන්නාසේම ජීවත් වුවද ආජන්ම රෝගයන්ට ගොදුරු වීමේ සම්භාවිතාව ඉහළ වීම නිසාය.

ෆ්‍රැන්කන්ලුවිව, මෙතෙක් කලක් ආදරයෙන් රැක බලා ගත් පශු හෙදිය වන මාටි ස්ටීවන්ස්ට ඔහු හමුවන්නේත් වැඩිකල් ජීවත් නොවනු ඇති බව සිතා වේදනා රහිත මරණයකට පත් කිරීමට සුරතල් සතුන් අලෙවි කරන්නෙකු ඇය වෙත ඔහුව ගෙන ආ අවස්ථාවේදීය. ඒ 1999 වසරේදීයි. ෆ්‍රැන්කන්ලුවීගේ සුරතල් මුහුණු දෙක

දෙස බලමින් ඔහුව එබඳු ඉරණමකට ලක් කිරීමට මාටි ස්ටීවන්ස්ට සිත් දුන්නේ නැත. හිස් දෙකකින්, නාස් දෙකකින්. කටවල් දෙකකින් හා නිල් ඇස් තුනකින් යුතු මෙම අපූරු සුරතලාව තමාගේ භාරයට ගත් ස්ටීවන්ස්ට ඔහුට උපරිම සැලකුම් කරමින් ආදරයෙන් රැකබලා ගත්තේ ජීවත්වනු ඇතැයි සිතූ කෙටි කාලය තුළ ඔහුව හැකිතාක් පී්‍රතියෙන් තැබිමේ අරමුනිණි.මෙවැනි හිස් දෙකක් ඇති බළලුන් හැඳින්වෙන්නේ ජානුස් යනුවෙනි. ජානුස් රෝම දෙවි කෙනෙකි. ඔළු දෙකක් ඇති නිසා නම් දෙකකින් එනම් ෆ්‍රැන්ක් හා ලුවී ලෙස මුලදී හැඳින්වූ බළල් සුරතලා දින කීපයකට වඩා ජීවත් නොවනු ඇති බව ස්ටීවන්ස්ගේ කල්පනාව විය. නමුත් ඒ සියලු මත හා විශ්වාසයන් බිඳ හෙලමින් වසර පහළොවක් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ෆ්‍රෑන්ක් හා ලුවී පසුකලක හැඳින්වුණු ලෙස ෆ්‍රැන්කන්ලුවී සමත් වූයේ වැඩිම කාලයක් ජීවත් වූ ජානුස් වර්ගයේ බළලා ලෙස ගිනස් වාර්තා ‍පොතටද ඇතුළු වෙමිනි.ඔළු දෙකක් තිබුණත් ෆ්‍රැන්ක් හා ලුවී සතුවූයේ එක මොළයකි. එසේම කටවල් දෙකක් තිබුණත්, ආහාර මාර්ගයට සම්බන්ධව තිබුණේ ෆ්‍රෑන්ක්ගේ කට පමණි. මේ නිසා දෙදෙනකුට ප්‍රමාණවත් පරිදි ආහාර ගැනීමට ෆ්‍රැන්ක්ට සිදුවිය. එසේම ඔවුන් දෙදෙනාට අතිරේක ඇසක් හිමිව තිබුණත් එය ක්‍රියාකාරී තත්ත්වයේ තිබුණේ නැත. නමුත් මේ කිසිවක් ෆ්‍රෑන්ක් හා ලුවීට සෙසු බළලුන් මෙන් සාමාන්‍ය ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට බාධාවක් වූයේ ද නැත. ෆ්‍රෑන්ක් හා ලුවීට දවසේ වැදගත්ම රාජකාරිය වූයේ ස්ටීවන්ස් සමග ඇමෙරිකාවේ ඔවුන් විසූ නෝර්ත් ග්‍රාෆ්ටන් ප්‍රදේශය අවට ඇවිදින්නට යාමයි. පසුගියදා මිය යන තෙක්ම ක්‍රියාශීලී සාමාන්‍ය ජීවිතයක් ගත කළ ෆ්‍රෑන්ක් හා ලුවීගේ මරණයට හේතු වූයේ පිළිකාවක් බව වාර්තා වෙයි.




උපුටා ගැනීම-->> ප්‍රියන්ති රුද්‍රිගු

No comments:

Post a Comment