March 22, 2015

නාන්නේ නැති අයට මෙයා මාර ආදරෙයි

පුද්ගලයෙකුට මදුරුවන් ආකර්ෂණය වීමට වඩාත් බලපාන්නේ පුද්ගල සිරුරේ ජාන සැකැස්ම බව බි‍්‍රතාන්‍යයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් විසින් ඔස්යාගෙන තිබේ.මදුරුවන් ආකර්ෂණය වන කාබන් ඩයොක්සයිඩ් වායුව, දහඩිය, ලැක්ටික් අම්ලය, යූරික් අම්ලය ආදිය සිරුරින් වැඩියෙන් නිකුත් වනපරිදි කිසියම් පුද්ගලයෙකුගේ ජාන සැකැස්ම සකස්වී ඇත්නම් වැඩියෙන් මදුරුවන්ගේ ප‍්‍රහාරයට ලක්විය හැකි බව පර්යේෂකයින් පවසයි. මෙම සංයෝගයන් හදුනාගැනීමේ සමත් ඉතා සියුම් සංවේදක යුගලයක් මදුරුවන්ගේ පිහිටන අතර ගොදුර ඇති තැන ඔවුන් සොයාගන්නේ එම සංවේදක ආධාරයෙන්ය.

March 16, 2015

තමන්ගේ ශරීරය කොපමණ වටිනවාද?

මෙහෙම යම් දවසක ඔබට සිතිලා තිබෙනවා ද? අපිව මිල කරන්න විශේෂ මිනුම් දණ්ඩක් නොමැති වුණාට මිනිස් ශරීරය සහ එහි විවිධ කොටස් වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා දළ වශයෙන් ඔබට යම් අදහසක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේ සඳහා අපේ ශරීරය හුවමාරු කරන්න පුළුවන් , නැත්තන් අලෙවි කිරීමට හැකි භාණ්ඩයක් ලෙස උපකල්පනය කල යුතුයි.එදිනෙදා ජීවිතයේ කරන රැකියාව සහ වෙනත් කටයුතු මත මිලක් හිමි වෙනවා. සාමාන්‍යයෙන් විදේශිකයෙකුගේ වසරක අදායම £25,000 (රුපියල් 51,17200) උපයන බවට සැලකුවොත් ඔහු විසින් වසර 30කදී ඔහු උපයන මුදල් ප්‍රමාණයේ වටිනාකම £750,000 (රුපියල් 15,35,15100) ලෙස සැලකිය හැකියි.

March 14, 2015

ඔබෙත් මතක ශක්තිය හීනද?

අපේ මතකය කොටස් තුනකට බෙදෙයි. ඒ ක්ෂණික මතකය (Immediate memory මෙය working memory ලෙසද දැක්විය හැකිය), කෙටි කාලීන මතකය (Short term memory) සහ දිගුකාලීන මතකය (long term memory) ලෙසිනි. 
ක්ෂණික මතකය අහිමිවීම යනු මේ මොහොතේ දේවල්, එනම් තත්පර ගණනක් ඇතුළත දේවල් අමතක වීමයි. කෙටි කාලීන මතකය අහිමි වීම යන්නෙන් අදහස් කරන්නේ විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වා මතකය ගිලිහී යාමය. මේ කාන්තාවට මේ අංශ දෙකේම දුර්වලතා තිබෙන බව පෙනේ. නමුත් ඇයට දිගුකාලීන මතකය අහිමි නැත. මෙවැනි දෑ සිදුවිය හැකි විවිධ හේතු තිබේ.

March 9, 2015

ගිනස් ‍පොතට ගිය බළල් රාළ


ෆ්‍රැන්කන්ලුවි දින කිහිපයකට වඩා ජීවත් නොවනු ඇති බව ඔහු උපන් විගස දුටු පශු වෛද්‍යවරුන්ගේ විශ්වාසය විය. ඒ හිස් දෙකක් ඇතිව උපදින බළලුන් දින කිහිපයකට වඩා ජීවත් වූ අවස්ථා ඉතා විරල වන්නාසේම ජීවත් වුවද ආජන්ම රෝගයන්ට ගොදුරු වීමේ සම්භාවිතාව ඉහළ වීම නිසාය.

ෆ්‍රැන්කන්ලුවිව, මෙතෙක් කලක් ආදරයෙන් රැක බලා ගත් පශු හෙදිය වන මාටි ස්ටීවන්ස්ට ඔහු හමුවන්නේත් වැඩිකල් ජීවත් නොවනු ඇති බව සිතා වේදනා රහිත මරණයකට පත් කිරීමට සුරතල් සතුන් අලෙවි කරන්නෙකු ඇය වෙත ඔහුව ගෙන ආ අවස්ථාවේදීය. ඒ 1999 වසරේදීයි. ෆ්‍රැන්කන්ලුවීගේ සුරතල් මුහුණු දෙක