May 22, 2016

සල්ලි මවන ක්‍රිකට් ක්‍රීඩකයෝ

ක්‍රිකට් ක්‍රීඩාව උපන්නේ එංගලන්තයේය. එම ක්‍රීඩාව ලංකාව, ඉන්දියාව වැනි රටවලට ලැබුණේ අප එංගලන්තයේ යටත් විජිත ලෙස පැවති නිසාය. නමුත් අද වනවිට ක්‍රිකට්වලින් වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයින් ඉන්නේ එංගලන්තයේ නොවේ, ඉන්දියාවේය. ඉන්දියානු ක්‍රීඩකයින් උපයන මුදල්වලට සාපේක්ෂව අනෙක් රටවල ක්‍රීඩකයින් හම්බකරන්නේ ඉතා අඩු ආදායම් යැයි කියන්නට පිළිවන.
අයි.පී.එල් තරගාවලියද ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල වශයෙන් මුදල් ඉපයීමට ලැබි ඇති මහඟු උල්පතකි. එම ක්‍රිකට් තරගාවලිය ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ඉතාම ජනප්‍රිය තරගාවලියක් බව අමුතුවෙන් කියන්න දෙයක් ‍නෙවෙයි. මේ ජනප්‍රියත්වය නිසාම අද එය කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් එහා මෙහා වෙන අවස්ථාවක් බවත් කාටවත් රහසක් නොවෙයි. ඒ වගේම සුප්‍රකට නළු නිළියන්, ව්‍යාපාරිකයන් ආදීන් සම්බන්ධ වුණු මහා ව්‍යාපාරයක් බවත්, මෙම තරගාවලියට එක්වන ක්‍රීඩකයින් කෝටි ගණනින් මුදල් උපයන බවත් කවුරුත් දන්නා කරුණුය.

October 16, 2015

ඇල්කටෙල් වින්ඩෝස් 10 ස්මාට්ෆෝන්

Alcatel One Touch යනු අඩු මිල ස්මාට්ෆෝනයන් සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන ස්මාට්ෆෝන සන්නාමයකි. එම සමාගමේ ඉහළ නිලධාරියෙකු පසුගිය දිනකදී ප්‍රකාශ කොට සිටියේ, ඔවුන් මේ වසර අග වන විට windows 10 මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන නව ස්මාට්ෆෝනයක් වෙළෙඳ පොළට හඳුන්වා දීමට සූදානමින් සිටිනා බවයි.

August 11, 2015

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානුවෙක්

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉන්දියානු ජාතිකයෙකු වන සුන්දර් පිචයි පත්කොට තිබේ. ගූගල් සමාගම විසින් මෙම තීරණය ගෙන අත්තේ එම සමාගම විසින් "ඇල්පබට්" යනුවෙන් සමාගමක් පිහිටුවීමෙන් අනතුරුවය. ඒ අනුව "ඇල්පබට්" යන සමාගම ප්‍රධාන සමාගම යටතට අන්තර්ජාල කටයුතු, Android මෙහෙයුම් පද්ධතිය වැනි කටයුතු සඳහා ගූගල් සමාගමත්, ජීව විද්‍යාව හා සෞඛ්‍ය සම්බන්ධව පර්යේෂණ සිදුකරන "Life Science සහ Calico" සමාගමත්, ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යන Loon Project ක්‍රියාත්මක කළ X Labs සමාගමත් ඇතුළත් වේ. "ඇල්පබට්" සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හා සභාපතිවරයා වන්නේ ගූගල් සමාගමේ ප්‍රාරම්භකයන් වන ලැරී පේජ් හා සර්ජි බින් වේ. ඇල්පබට් සමාගම යටතේ ඇති සෑම සමාගමකටම දක්ෂ ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමට ඔවුන් විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව ගූගල් සමාගමේ මෙහෙයුම් කටයුතු බාර දී අත්තේ ඉන්දියානු ජාතික සුන්දර් හටය. 
සුන්දර් මෙතක් ආ ගමන් මග පිලිබඳ දැනගැනීමට උපකාරී වන කරුණු 11 ක් පහතින් බලන්න

July 7, 2015

ආදරය ගැන හුඟ දෙනෙක් හිතන විදිහ හරිද?

ආදරේ කරන්න පටන් ගත්තහම ඕනම කෙනෙක්ගේ හිතේ මොකක්දෝ අමුතුම ආකාරයේ හැඟීමක් ඇති වෙනවා. කොච්චර කොළේ වහලා ඉන්න ට්‍රයි කළත් ඒක නම් ඉතින් හංගන්න බෑ... කොහෙන් කොහෙන් හරි ආදර හැඟුම් කලඑළි බහිනවා... මොකක්ද ඇත්තටම ඔය අර මුලින් කියපු අමුතුම ආකාරයේ හැඟීම ඕනම පුද්ගලයෙක් ආදරවන්තයෙක් බවට පත්වෙන කොට ඒවන තුරු තමන් තුළ රැඳිලා තිබුණු බලා‍පොරොත්තු රහිත බව ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා යන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ... දැන් ඉතින් දුකේදීත් සැපේදීත් ළඟින් ඉන්න, හිතවතෙක් එහෙමත් නැත්නම් හිතවතියක් ඉන්නවානෙ කියලත් හිතෙනවා. හිත බලා‍පොරොත්තු ප්‍රාර්ථනාවලින් පිරෙන කොට යමක් දිහාව කිසියම් සුන්දරත්වයකින් යුතුව බලන්නත් මග පෑදෙනවා. ඉස්සර වැඩ ඇරිලා තනියම ගෙදර යනකොට අඩුගානෙ වැහි වලාකුළක්වත් තියෙනවාද කියලා අහස දිහාව නොබලපු කට්ටිය ජෝඩු දාලා ගෙදර යනකොට...අනේ බලන්නකො අහස දිහාව අද හරිම ලස්සනයි කියලා කියන වෙලාවලුත් තියෙනවා. ඔයා අකමැති වෙයි කියලා හිතලා මං අද අර තද නිල් පාට සාරිය අඳින්නත් හදලා ඇන්දෙ නෑ.., කොළ පාටට වැඩිය ආසයි කියලා මතකද දවසක් ඔයා මට කිව්වා... මං ඒකමයි මේෂර්ට් එක ගත්තේ... ඔන්න ඔය විදියට කරන කියන දේවලින් එයා තමන්ගෙ සිතැඟි තේරුම් ගන්න බවක් පැහැදිලිවම පේනකොට හිතට අමුතුම ගතියක් දැනෙන්න පටන් ගන්නවා.

April 8, 2015

කේන්තිය පාලනය කරමු

කේන්ති යාම යනු ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ‍පොදුවේ සිදුවන දෙයකි. එසේ වුවද කේන්තිය පාලනය කර ගැනීමේ හැකියාව අතින් එක් එක් පුද්ගලයන් විවිධත්වයෙන් යුක්ත වේ. සමහරුන් තම හිතට එන කේන්තිය ක්ෂණිකව පිට කිරීම සඳහා අතට හසුවන දෙයක් ‍පොළොවේ ගසන්නට පෙළඹේ. තවත් අය සිය කේන්තිය පාලනය කර ගන්නේ තමාටම රිඳවා ගැනීමෙනි. කොපමණ කේන්තියක් තිබුණද එය පිට නොකර නිශ්ශබ්දව සිටින අයද ඕනෑ තරම් සිටිති. එසේ වුවද වැඩියෙන් තරහ නොයන කෙනෙකුට එකවර දරුණු කේන්තියක් ඇති වූ විට එම පුද්ගලයාගේ හැසිරීම ඉතා භයානක විය හැකිය. යමෙකුට එකවර කේන්ති ගිය විට එය පාලනය කරගත හැකි ආකාර කීපයක් පිළිබඳව මනෝ විද්‍යාඥයන් විසින් ‍පොදු උපදෙස් මාලාවක් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට කේන්ති යාම සඳහා හේතුවන ‍පොදු කරුණු කීපයක් තිබේ. අධික වෙහෙස, ආතතිය, හිතේ හෝ සිරුරේ වේදනාව, දුක ආදී කරුණු ප්‍රබලව ඊට හේතුවේ. මෙවැනි හේතු නිසා ඇතිවන කේන්තිය පාලනය කර ගත හැකි ආකාර ද කීපයකි.

March 22, 2015

නාන්නේ නැති අයට මෙයා මාර ආදරෙයි

පුද්ගලයෙකුට මදුරුවන් ආකර්ෂණය වීමට වඩාත් බලපාන්නේ පුද්ගල සිරුරේ ජාන සැකැස්ම බව බි‍්‍රතාන්‍යයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් විසින් ඔස්යාගෙන තිබේ.මදුරුවන් ආකර්ෂණය වන කාබන් ඩයොක්සයිඩ් වායුව, දහඩිය, ලැක්ටික් අම්ලය, යූරික් අම්ලය ආදිය සිරුරින් වැඩියෙන් නිකුත් වනපරිදි කිසියම් පුද්ගලයෙකුගේ ජාන සැකැස්ම සකස්වී ඇත්නම් වැඩියෙන් මදුරුවන්ගේ ප‍්‍රහාරයට ලක්විය හැකි බව පර්යේෂකයින් පවසයි. මෙම සංයෝගයන් හදුනාගැනීමේ සමත් ඉතා සියුම් සංවේදක යුගලයක් මදුරුවන්ගේ පිහිටන අතර ගොදුර ඇති තැන ඔවුන් සොයාගන්නේ එම සංවේදක ආධාරයෙන්ය.