May 22, 2016

සල්ලි මවන ක්‍රිකට් ක්‍රීඩකයෝ

ක්‍රිකට් ක්‍රීඩාව උපන්නේ එංගලන්තයේය. එම ක්‍රීඩාව ලංකාව, ඉන්දියාව වැනි රටවලට ලැබුණේ අප එංගලන්තයේ යටත් විජිත ලෙස පැවති නිසාය. නමුත් අද වනවිට ක්‍රිකට්වලින් වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයින් ඉන්නේ එංගලන්තයේ නොවේ, ඉන්දියාවේය. ඉන්දියානු ක්‍රීඩකයින් උපයන මුදල්වලට සාපේක්ෂව අනෙක් රටවල ක්‍රීඩකයින් හම්බකරන්නේ ඉතා අඩු ආදායම් යැයි කියන්නට පිළිවන.
අයි.පී.එල් තරගාවලියද ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල වශයෙන් මුදල් ඉපයීමට ලැබි ඇති මහඟු උල්පතකි. එම ක්‍රිකට් තරගාවලිය ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ඉතාම ජනප්‍රිය තරගාවලියක් බව අමුතුවෙන් කියන්න දෙයක් ‍නෙවෙයි. මේ ජනප්‍රියත්වය නිසාම අද එය කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් එහා මෙහා වෙන අවස්ථාවක් බවත් කාටවත් රහසක් නොවෙයි. ඒ වගේම සුප්‍රකට නළු නිළියන්, ව්‍යාපාරිකයන් ආදීන් සම්බන්ධ වුණු මහා ව්‍යාපාරයක් බවත්, මෙම තරගාවලියට එක්වන ක්‍රීඩකයින් කෝටි ගණනින් මුදල් උපයන බවත් කවුරුත් දන්නා කරුණුය.