November 17, 2014

දුම්පානය ශරීරයට අහිතකරයි

දුම්පානය ශරීරයට අහිතකරයි යන්න අප හැම දෙනෙක්ම දන්නා කාරණයක්. ඒත් කොපමණ දුම්පානය කළත් සිරුරට අහිතකර බවක් නොදැනීම නිසා සිගරට් බොන අය මෙය පිළිගන්නෙ නෑ. එනිසා දුම්පානය නතර කිරීම ඔවුනට කළ නොහැකි වී තිබෙනවා. මෙවැනි අයට ඉදිරි වසර දෙකෙන් එහා ගැන කිසිදු සැලැස්මක් නෑ. සැලැස්මක් තියනව නම් ඔවුන් දුම්පානය කරන්නෙ නෑ. එසේම තව අවුරුදු දහයකින් පහළොවකින්
එන දිනයක් පිළිබඳව කිසිදු විශ්වාසයකුත් නෑ. අනාගතයේ දිනෙක සිගරට් නිසා ජීවිතය අහිමිවී යන බව කීවත් එයද ඔවුනට ගැටලුවක් නොවන්නේ ඒ නිසයි. ඒ සියලු දෙය අවඥාවෙන් බැහැර කොට ඔවුන් දිගටම දුම්පානය කරනවා. නමුත් මරණය ආසන්නයට පැමිණි දවසක කෙසේ හෝ ආපසු හැරෙන්නට හැකි සෑම උත්සාහයක්ම දරනවා. දුම්පානය නිසා රෝගී වූ කෙනෙක් රෝහලට ඇතුළු වන්නේ මුලදී මේ ගැන මොනවා හිතා හිටියත් අන්තිම මොහොතේ මියයාමට තිබෙන බය නිසායි.
දුම්පානය කරන අයකු වෙතින් ‘ඔබ සිගරට් බිව්වාදැ’යි වෛද්‍යවරයකු විමසා සිටියොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ ‘කලින් බිව්වා තමයි. ඒත් දැන් නවත්තලා’ යනුවෙනුයි. තමන් දුම්පානය කළ ප්‍රමාණයත්, කාලවකවානුවක්වත් මේ බොහෝ දෙනකුට අමතකයි. ඔවුන්ට මෙය අමතක වුණත් ශරීරයට නම් මේවා අමතක වන්නේ නෑ. එනිසා ශරීරය එය මතක  තබාගෙන අවස්ථාව පැමිණි විගස ඔබට කරදර ඇති කිරීම ඒකාන්තයි.

November 13, 2014

ලග්නයේ සංකේතය මගින් පලාපල

ජ්‍යොතිෂ්‍යයේදී බොහෝ කාරණා ඉදිරිපත් කරන්නේ සංකේත ආශ්‍රයෙනි. පුද්ගලයකු පිළිබඳව හා ඔහුගේ වාසනාව අවාසනාව පිළිබඳව කරුණු දැක්වෙන, ලග්න ග්‍රහ තරු හා තාරකා පන්ති (නැකත්) සඳහා විවිධ සංකේත යොදාගෙන තිබේ.මේෂයෙන් ආරම්භ වී මීනයෙන් අවසන්වන රාශි හෙවත් ලග්න දොළහ සම්බන්ධව යොදාගෙන ඇති සංකේත පුද්ගලයකු පිළිබඳව පලාඵල පැවැසීමේදී විශේෂත්වයක් ගනී.
මේෂ ලග්නයට යොදා ඇති සංකේතය එළුවාය. එළුවකු තුළ පවතින ගති ලක්ෂණ හා චර්යා රටාවන් මේෂ ලග්නය හිමි අයෙකු තුළ ද පවතින බව දැක්වේ. එළුවා ක්‍රියාශීලී සතෙකි. මොහොතක් හෝ නිසලව සිටීමට අකමැතිය. කෙරෙන ඵලදායක වැඩක් නැතත් දැඟලීම අවශ්‍ය වේ. බොහෝ විට දුර දිග නොබලා ආවේගශීලීව කටයුතු කරන ගතියක්ද පවතී. මේෂයට අධිපති කුජ ග්‍රහයාගේ ගතියද මේ හැසිරීම් රටාවට හේතු වෙයි.
වෘෂභ ලග්නයට යොදා ඇති සංකේතය ගවයායි. ගවයා ආහාරයට මෙන්ම නිදා ගැනීමට ද වැඩි කැමැත්කක් දක්වයි. වෘෂභ ලග්න හිමියා ද මේ කාරණාවන්ට වැඩිඇල්මක් දක්වන බව සඳහන් වන්නේ එහෙයිනි. කම්මැලි අවස්ථාවල දැඩි කම්මැලියකු වන්නාක් මෙන්ම සිතට ගෙන වැඩ කරන විට

November 9, 2014

ලෝක විනාශය

ලෝක විනාශය සිදුවන දිනයන් බොහෝ ගණනක් පසුවී ගොස් ඇති නමුත් තවත් වසර 847කින් මත්තෙහි එලඹිය හැකි එවැනි දිනයක් පිළිබඳව විද්‍යාඥයන් මින් වසර 50කට පෙරම දැනසිටි බව පැවසේ.
1950DA ලෙස හැඳින්වෙන ඇස්ටරොයිඩයක් 2880 මාර්තු 16දින